ලොව වඩාත්ම තරගකාරී F1 in Schools තරගාවලියේ ඔස්ට්‍රේලියානු ජාතික අවසන් තරගාවලිය විනිශ්චය ට චක්‍ර FM
චක්‍ර එෆ් එම් ප්‍රධාන විධායක නිලධාරීනී දොශන්ත්රී රණතුංග රී ඉන්ජිනියරින්ග් ඕස්ට්‍රේලියා ආයතනය විසින් සංවිධානය කරන ලද ඕස්ට්‍රේලියාවේ පාසල්වල ෆෝමියුලා 1 හා සබ්ස් ඉන් ස්කූල්ස් හි ජාතික අවසන් මහා තරගයේ විනිසුරුවරියකි. මෙය ලෝකයේ වඩාත්ම තරඟකාරී STEM තරඟයයි.
රටවල් 51 ක පාසල් 17,000 කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ කර ගනිමින්, සිසුන් විසින් නිර්මාණය කර – තත්පර 1 ට අඩු පැයට 0-80 KM/H දක්වා ධාවනය කළ හැකි කුඩා F1 මෝටර් රථයක් ධාවනය කිරීම හා එය සාර්ථක ව්‍යාපාර මොඩලයක් ලෙස ඉදිරිපත් කිරීම මෙහි අංගයන්ය.
F1 in Schools හා Subs in Schools STEM අභියෝගය යනු විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය සඳහා වන ලොව ප්‍රමුඛතම ශිෂ්‍ය තරඟයයි. ලෝක ෆෝමියුලා වන් කණ්ඩායමක් අනුකරණය කරමින්, ශිෂ්‍ය කණ්ඩායම් ඉංජිනේරු සහ නිෂ්පාදන විෂයයන් අනුගමනය කළ යුතුය. සැලසුම් කිරීම, විශ්ලේෂණය කිරීම, පරීක්ෂා කිරීම, නිෂ්පාදනය කිරීම සහ තරඟය. මීට ඇතුළත්ය.ඔවුන්ට 3D CAD/CAM/CAE ඉංජිනේරු නිර්මාණ මෘදුකාංග වැනි සැබෑ ලෝකයේ තාක්ෂණය වෙත ප්‍රවේශය සපයා ඇත. මේ සතියේ ඇය Portfolio Design හා project management හි ජාතික අවසන් තරග විනිශ්චය කරයි. දොශන්ත්රී විනිසුරුවරියක ලෙස කටයුතු කරන 3 වන වසර මෙය වේ. මෙය ශ්‍රී ලංකාවෙ පාසල් සිසුන් වෙනුවෙන් ශ්‍රී ලංකාවට පාසල්වල F1 සහ Subs ගෙන ඒම සඳහා අපි මේ වන විට එක්සත් රාජධානිය සමඟ මූලික සාකච්ඡා කරමින් සිටිමු.
Leave a Reply