WHO WE ARE

From scribbling in a stone cave or on a rock with a wood stick or a little stone, to writing on clay tablets, sandboard, papyrus and palm leaves, stone slates, blackboards, and writing on a screen is known as communication. However, we know that the story did not happen exactly like that. We have seen that media institutions who should be focusing on education, information, entertainment, and motivation are now going in different ways where their goals have been changed.

Since the ancient world, various special scholars have appeared taught and communicated. That was also communication. However today, our world has a hunger for a medium that can reveal the many secrets of the universe in a balanced manner while understanding the receiver journey and educating and providing entertainment. We strongly believe that our own people who have migrated to other countries for various reasons and people live in our country should have the right to receive information without filtering them through different colored glasses. We want to assure them that they are not alone, and we need to create a welcoming and warm atmosphere. Unbearable loneliness causes many suicides and mental illnesses in the world. Maybe a nice little song is all it takes to heal it. Maybe they just need to hear a voice to get a spark of hope and to be uplifted. So, we are ready to stay with you for 24 hours a day without leaving you alone for a second. We bring love and fly with you universally.

Instead of another competitive means of communication, we are ready to be the closest that you have ever known…. We are ready to be your new love story… to be the most valued friend for your long-term friendship…. We are the radio station where sun never goes down. We are with you 24 hours a day, in every country… Come with us, let’s touch the sweetest of places of the Universe!!

ගල් පතුරකින් ගල් ලෙනක, පර්වතයක කුරුටු ගෑමේ ඉඳලා, මැටි පුවරු, වැලි පිල්ල, පැපිරස් කොළ, තල කොළ, තල් කොළ, ගල් ලෑල්ල, කළු ලෑල්ල, කඩදාසිය පහුකරගෙන තිරයක ලියන එක දක්වාමත් තියෙන්නෙ සන්නිවේදනය වුණාට අපි දන්නවා ඒ කතාව සිද්ධ වුණේ එහෙමම නොවන බව. අධ්‍යාපනය, තොරතුරු සම්පාදනය, විනෝදාස්වාදය, අභිප්‍රේරණය මත ඉලක්ක ඇති කරගන්න අවශ්‍ය හුඟක් මාධ්‍ය දැන් යන්නෙ වෙනම පාරක බවත් අපි දනිමු.

මේ ලෝකෙට ඉතිහාසයෙ ඉඳන්ම විවිධ ශාස්තෲවරු බිහිවෙලා කළෙත් සන්නිවේදනය. නමුත් අද වනවිට මිනිසාට අවශ්‍ය විනෝදය සහ අවබෝධය වගේම ඔවුන් දැන්ගන්න ප්‍රිය විශ්වයේ බොහෝ රහස් සමබරව කියාදෙන්න සමත් මාධ්‍යයක අවශ්‍යතාව සමාජයට තදින්ම දැනෙමින් පවතී. විශේෂයෙන්ම අපේ රටේ වගේම අපේ රටෙන් විවිධ හේතු එක්ක වෙනත් රටවලට ගිය අපේම මිනිස්සුන්ට ඔවුන් තනි වෙලා නැති බවත්, මේ රටේ සිද්ධවෙන, සිද්ධවෙන්න තියෙන දේවල් පිළිබඳව කිසිම කණ්ණාඩියක් නැතුව නිදහසේ, සත්‍ය දැනගන්න අවශ්‍ය පසුබිම හදන්න උවමනා බවත් අපි විශ්වාස කරමු. ලෝකෙ හුඟාක් සියදිවි නසාගැනීම් වලටත්, මානසික රෝග වලටත් හේතුව දරාගන්න බැරි තනිකම. ඒක සුවපත් කරන්න සමහරවිට ඕන ලස්සන පුංචි සින්දුවක් වෙන්න පුළුවන්. සමහරවිට එකම එක බලාපොරොත්තු සහගත කටහඬක් වෙන්නත් පුළුවන්. ඉතින්, ඔබ තවදුරටත් තනි නොකර, පැය 24ම ඔබ ළඟින් ඉන්න දැන් අපි සූදානම්. ආදරයේ සිට විශ්වීය දැනුම් පද්ධති දක්වාම පුළුල් පරාසයක අපි ඔබත් එක්ක සැරිසරමු.

තවත් එක තරඟකාරී සන්නිවේදන මාධ්‍යයක් වෙනුවට, ඔබ ළඟින්ම ඉන්න, ඔබේම අලුත් ආදර කතාව වෙන්න, ඔබේ කල්‍යාණ මිත්‍රත්වයට වටිනකමක් වෙන්න චක්‍ර අපි සූදානම්…අපි හිරු නොබසින රේඩියෝව කියන්නෙ පැය විසිහතරම අපි ඔබ සමග හැම රටකම, හැම කණකම අවදියෙන් ඉන්න නිසයි. එන්න අපිත් එක්ක, ලෝකයේ රස තැන්, ජීවිතයේ මිහිරි තැන් ස්පර්ශ කරමු…

VISION

“හිරු නොබසින රේඩියෝ ව.”

MISSION

Chakra FM aims to inspire, uplift, amuse, and refine listeners through a comprehensive mix of Universal, cultural, educational, musical, and supernatural content.

Gayan Sandakelum

Executive Chairman / Executive Director / Owner / Founder / Radio Personality
ඔහු වචන අමුණා කවි පද බඳින්නේ  පාසල් යාමටත් පෙරමය. ලියන්නට, කියන්නට , නටන්නට , දුවන්නට ඈ නන් විධ වූ ශිල්ප කලාවන්හි  සසර පුරුදු විදහා දැක්වූ ඔහු,  තමන් ජනිත වූ හෙළ  දෙරණ පිළිබදව වන අප්‍රමාණ කැපවීම සහ භක්ත්‍යාදරය  පෙර දැරිකර ගෙන ගමනක නිරත වන්නෙකි .  විශිෂ්ටතම A  සාමාර්ථ ලබා කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී  ඉතා සීමිත සිසුන් පිරිසක්ව  පමණක් තෝරා ගැනෙන, ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ සිව් අවුරුදු විශේෂ උපාධිය  හදාරන්නට භාග්‍ය ලත් හෙතෙම ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයන්හි නිත්‍ය සේවයට නැතිවම  බැරි අයෙකු වන්නේ , විශ්වවිද්‍යාල දිවිය අතරතුරමය. විශ්වවිද්‍යාලය තුළද හොඳම නිවේදකයා ලෙසත්, හොඳම හඬ නළුවා ලෙසත් 2008 වසරේදී  ” මංජුසාව ” උළෙල තුළ රන්කිරුළු දරන්නේ ද ඔහුමය. ජනසන්නිවේදන අධ්‍යයන අංශයෙහි සභාපතිවරයා ලෙස සිය විභවයන් දැක්වූවා පමණක් නොව, සිය නිසඟ දක්ෂතාවය  නිසා ම  ප්‍රධාන ජනමාධ්‍ය  ආයතනයනන්හි වැඩසටහන්  කළමනාකාර තනතුර වෙත වේගවත්ව ළඟාවන ඔහු  ඉන්පසු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ  අධ්‍යක්ෂ ධූරයක් හොබවන්නේ , එවැනි තනතුරක් හොබවන ළාබාලතමයෙක්  ලෙස සනිටුහන් තබමිනි.  එපමණක් නොව , මනා පරිචයක් හා සාර්ථකත්වයක් ඇති ආචාර්යවරයෙක් ලෙස, දශකයකට වඩා වැඩි කාලයක් වැඩිම සිසු සිසුවියන් ප්‍රමාණයකට සරසවි වරම් ලබා දෙන්නට මේ සොඳුරු මිනිසා සමත් වී  ඇත.  “සිව් හෙළයේ ඇදුරාණෝ “යන ආදරණීය විරුදාවලියෙන් පිදුම් ලත් ඔහු, වෙල්ලස්ස උසස් අධ්‍යාපන විද්‍යයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ වශයෙන්ද කටයුතු කරමින් සිටී. රාවණ ඉතිහාසය ශාස්ත්‍රීයව මෙන්ම ආන්දෝලනාත්මක ලෙස ජන සමාජගත කළ සහ කරමින් සිටින වර්තමාන පරපුරේ දාර්ශනිකයා ඔහුය. මෙරට පැරණිතම ලෙන් සිතුවම් සොයා දුන්නේද, භූගත ජල උද්‍යාන, රාවණ යුගයේ නිර්මිත උමං පද්ධති ආදිය ගවේශනය කරමින් සමාජගත කළේද ඔහුයි. රිටිගල ආශ්‍රිතව ලෝකයේ විශාලතම හිඳි බුද්ධ ප්‍රතිමාව සොයාගැනීමද, ඉපැරණි ඩයිනෝසර ලෙන් සිතුවම් සොයා ගැනීමද, මෙතෙක් මහාවංශයට එක් නොවූ විශාලතම ගල් කණු වලින් සමන්විත රාජකීය පරිශ්‍ර, සියලු අංගෝපාංග වලින් සමන්විත බෞද්ධාරාම පරිශ්‍ර, සෙල්ලිපි හා ලෙන් ලිපි පන්සියයකට අධික ප්‍රමාණයක් හෙළිපෙහෙළි කර මිනිසාට දැකබලාගැනීමට අවස්තාව උදාකළ විශිෂ්ට ඉතිහාඥයා ඔහුය. එතෙක් මෙතෙක් මේ රටේ රාවණ ඉතිහාසයට එරෙහිව අවලාද නැගූවන් තරාතිරමකින් තොරවම තාර්කිකවත්, ශාස්ත්‍රීයවත් නිරුවත්කොට නිහඬ කෙරූ ප්‍රබලතම විශ්වීය අවිය ඔහුය. 2008 වසරේ සිරස Fm තුළින් මාධ්‍ය ජීවිතය ආරම්භ කළ ඔහු හිරු Fm, වී Fm, Tv දෙරණ, ITN, ජාතික රූපවාහිනී, සියත Tv, සියත Fm ආදී මාධ්‍ය ආයතන ගණනාවක වැඩසටහන් ඉදිරිපත් කිරීමේ සිට වැඩසටහන් කළමනාකාරීත්වය දක්වා සිය දක්ෂතා දක්වා තිබේ. රාවණා, හෙළවංශය, රාවණ පුරාණය, මහා රාවණා, රාක්ෂායණය, දෙයියන්නෙ අඩවිය, රාවණ මුද්‍රාව වැනි ප්‍රබල ගුවන්විදුලි හා රූපවාහිනී  වැඩසටහන් ගණනාවක් මගින් හෙළ ශිෂ්ටාචාරය දැනුමින් සන්නද්ධ කළ, හෙළවංශය, සහස්‍රමුඛ රාවණ ආදී ග්‍රන්ථ මගින් පාඨක සමාජය ආක්‍රමණය කළ, ගගන දඟ පෑ, අසුරා, දඬුමොණර යානාව ගෙන වැනි ගීත තුළින් හෙළ ගීත සාහිත්‍ය පෝෂණය කළ ඔහු කලක් විවිධ පුවත්පත් ඔස්සේද රාවණ ඉතිහාසය පිළිබඳව ලෝ වැසි දනන්ගේ ඇස් ඇරවීමට කටයුතු කළේය. ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ හිඳිමින් සවිඥානික සමාජයක්  වෙනුවෙන් කළ හැකි උපරිම සාධාරණය ඔහු සිදුකරමින් සිටී. සාංසාරික මතකාවර්ජනයක අසිරිමත් ඉතිහාස හෙළිදරව්වක නිරතවන, මිනිස් වර්ගයා මත දැනටමත් නොමැකෙන සලකුණක් තැබූ ඔහු එකම ජීවිතයක් තුළ දෙවරක් උපත ලැබූ විශ්මිත මිනිසෙක් බව නොරහසකි. එනිසාම ඔහු නම් දෙකකින් ජනතාව අතර ජනප්‍රියය. හෙළයේ සුජාත දූපුතුන්ගේ ලේ නහර වලට දැනෙන සත්‍ය ඉතිහාසය මහපොළොව මත යළි කෙළින් සිටුවන අසිරිමත් මිනිසා ඔහුය. චක්‍ර fm හි නිර්මාතෘවරයා මෙන්ම එහි සභාපතිවරයා ලෙස ද කටයුතු කරමින් රාවණ ඉතිහාසයේ වර්තමාන ස්වර්ණමය පරිච්ඡේදය සයිබර් අවකාශය තුළ ද නොමැකෙන සේ ලියාතැබීමට නොතිත් සූදානමකින් පසුවන, ලොව පුරා සිටින ශ්‍රී ලාංකිකයින්ගේ හා විදේශීය ගවේශකයන්ගේ මෙන්ම විශාලතම වාර්තාකරණ ආයතන වල අවධානය ට ලක්වූ කෙනෙක් වේනම්, රට දැය සමයට ආදරය කරන සියලු හෙළ දූ පුතුන් දන්නා පරිදි,
ඔහු,  ගයාන් සඳකැලුම් නොහොත් සහස්‍රමුඛ රාවණ ය.

Doshanthri Ranatunge

CEO / Radio Personality
වයස අවුරුදු 19 දී ශ්‍රී ලාංකේය දක්ෂතම යොවුන් ලේඛිකාව ලෙස සම්මානයට පාත්‍රවීමෙන් අනතුරුව දොශන්ත්‍රී රණතුංග අග්නිදිග ආසියාවේ ජාතික සතිපතා පුවත්පතක ළාබාලතම ප්‍රධාන කතුවරිය ලෙස තම වෘත්තිමය ලිඛ්ත ජනමාධ්‍ය යට පිවිසෙන්නේ සරසවියට ප්‍රවේශයට පෙරාතුවය. ඒ වන විටද ඇය ජාතික ගුවන්විදුලි සංස්ථාවේ රුහුණු සේවයේ නිවේදිකාවක වූයේ පාසල් වියේදීම නිවේදක වෘත්තියට පිවිසි නිසාවෙනි. TNL රූපවාහිනියේ ළමා වැඩසටහන් නිෂ්පාදිකාවක හා ප්‍රධාන රාත්‍රී  පුවත්  නිෂ්පාදිකාව ලෙසද, ඉසිර ගුවන්විදුලියේ නිවේදිකාවක හා  නිෂ්පාදිකාවක ලෙසද පන්නරය  ලැබූ ඈ ඉතාම සීමිත සිසුන් පිරිසක් පමණක් ඇතුළත් කරගන්නා ශ්‍රී ලංකාවේ එකම ජනසන්නිවේදන විශේෂ උපාධිය සදහා  කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නීය.  ඒ අතරවාරයේ ජාතික රූපවාහිනියේ වාර්තාමය වැඩසටහන් අංශයේ පුහුණුව ලද දොශන්ත්‍රී මහා බ්‍රිතාන්‍ය Oxfam GB ආයතනයේ උපායමාර්ගික සන්නිවේදන උපදේශකවරියක් ලෙස ද සේවය කරන්නීය. Child Fund International, HelpAge International ( ආපදා කළමනාකරණ ඒකකය) සහ Canadian RedCross(මානුෂීය හිමිකම් ඒකකය)  සහ  ජාත්‍යන්තර යුධ ආශ්‍රිත කම්පන හා මානුෂීය මැදිහත්භාරය සදහා කළමනාකාරීත්වයේ සිට  සක්‍රීය දායකත්වය ලබා දුන් ඇය ජාත්‍යන්තර මාධ්‍යවේදිනියක ලෙස සේවය අරඹන්නේ ඇමරිකා එක්සත් ජනපද මාධ්‍යායතනයක් වන Internews හි ගවේශනාත්මක මාධ්‍යවේදිනියක හා නිෂ්පාදිකවක ලෙසය.  ශ්‍රී ලංකාව ආශ්‍රිතව ගවේශනාත්මක වාර්තාකරණයේදී  ජීවිත තර්ජනයන්ට පවා ලක්වූ ඇය ඉන් මහත්වූ පන්නරයක්ද පරිචයක්ද ලැබුවාය.  පළමුවන ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා ස්වාභාවික සම්පත් කළමනාකරණ ව්‍යාපෘතියේ ප්‍රධාන සන්නිවේදන විශේෂඥවරිය වූ ඇය ඔස්ට්‍රේලියාවේ පදිංචියට යාමට පෙරාතුව Business Today, Explore Sri Lanka, Style වැනි ප්‍රකාශන එළිදක්වමින් ශ්‍රී ලංකාවේ Top 10 Business Awards (ව්‍යාපාරික සම්මාන) ලබාදෙන BT Options ආයතනයේ  කර්තෘමණ්ඩල ව්‍යාපාරික කළමනාකාරිණිය ලෙස සේවය කළාය. 2010 වසරේ සිට ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර ප්‍රධානතම හා විශාලතම ගුවන්විදුලි ආයතනයක් වන 1079 Life FM හි අලෙවි විධායක කළමනාකාරිණියක් ලෙස දශකයකට ආසන්න කාලයක් සේවය කොට ඉන්පසු Google සමාගමේ ඔස්ට්‍රේලියානු ප්‍රධාන හවුල්කාර සමාගමක් වන, USA Today ආයතනයට අයත් Reach Local හි ඩිජිටල් අලෙවි  උපදේශකවරියක් ලෙස සේවය කරමින් සිට නැවතත් ඇඩිලේඩ් හි වාණිජමය ගුවන්විදුලියට අවතීර්ණ වූවාය. ඒ Nova හා Five aa හරහාය.  ඉන්පසු දොශන්ත්‍රී කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත ආයතන කිහිපයකම කළමනාකාරිණියක් ලෙසද, වෙනත් ආයතනයන්හි උපායමාර්ගික හවුල්කාර කළමනාකාරිණියක ලෙසද සේවය කර ඇත්තීය.
ඇය මේ වන විට ඔස්ට්‍රේලියාවේ ප්‍රථම අභ්‍යාවකාශ ඇකඩමිය වන ඇඩිලේඩ් හි හැමිල්ට්න් ස්පේස් ඇකැඩමියේ පාලානාධිකාරයේ ගරු උපසභාපතිවරියයි. දැනට ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් වන නමුදු ඇයගේ අක්මුල්  සවිමත්ව බැදී ඇත්තේ හෙළ භූමියටයි.  තමා මෙළොවට උපන් විශේෂ කාරණාවක් ඇති බව විශ්වාස කරන ඇය චක්‍ර FM හි ප්‍රධාන විධායක නිලධාරිණි දොශන්ත්‍රී රණතුංග යි.